2024 නොවැම්‍බර් 14, පෙ.ව. 1:15
පසුගිය ඔක්තෝබර් (23) වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් ආරුගම්බේ ප්‍රදේශය සදහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.
එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබු අතර එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සදහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කරයි.
පසුගිය ඔක්තෝබර් (23) වනදා අමෙරිකානු තානාපති කාර්යාලයේ අනතුරු ඇඟවීම උපුටා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ රුසියාවද එම අවස්ථාවේදී සිය පුරවැසියන්ට අනතුරු ඇඟවූවේය.
2026 ජනවාරි 08, පෙ.ව. 11:48
2026 ජනවාරි 08, පෙ.ව. 11:30
2026 ජනවාරි 08, පෙ.ව. 9:07
2026 ජනවාරි 08, පෙ.ව. 12:33
2026 ජනවාරි 08, පෙ.ව. 12:31