hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 11:49



සමගි ජන බලවේගයේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ සංවිධායකවරයා වන වෙට්ටිවෙලු ජයන්තිරන් නමැත්තාට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගොම ප්‍රහාරයක් එල්ල කර දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළැඹෙන මැයි මස 05 වැනිදා දක්වා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි යාපනය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

සමගි ජන බලවේගයේ නල්ලූර් සංවිධායකවරයා සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට අශෝභන ලෙස අපහාස කිරීම හේතුවෙන් යාපනය කාන්තා සංවිධානයක කාන්තාවන් පිරිසක් මෙලෙස ඔහුට ගොම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම කාන්තා සංවිධානය යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට අනුබද්ධව කටයුතු කිරීම හේතුවෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අරුන් සිද්ධාර්ථන් අත්අඩංගුවට ගත් බවයි එම සංවිධානය සඳහන් කර ඇත්තේ.