2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:10
පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වෙඩි තැබීම් සහ අපරාධ සිදුවීම් බොහොමයක් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් සිදුකර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විමර්ශන කණ්ඩායම් විසින් විදේශ රටවල සැඟව සිටි, ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබූ භයානක අපරාධකරුවන් 58 දෙනෙකු මේ වන විට මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව ඇති බව ඔහු අනාවරණය කළේය.
මෙම අපරාධකරුවන් විදේශ රටවල මහා මන්දිරවල වෙසෙමින්, හෙලිකොප්ටර් සහ සුඛෝපභෝගී යානවාහන භාවිතා කරමින් ඉතා ඉහළ මට්ටමේ ජීවිත ගත කර ඇති බවත්, පසුගිය පාලන සමයන්හි දේශපාලනඥයන්ගේ රැකවරණය ඔවුන්ට ලැබී තිබූ බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.
මෑතකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද ඇතුළුව මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූයේ ජනතාව වත්මන් රජයට ලබාදුන් ජනවරම නිසා බව ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර පොලිසිය සහ අනෙකුත් රටවල් සමඟ විශ්වාසය ගොඩනගා ගනිමින්, දීර්ඝ කාලීන විමර්ශන හරහා මෙම මෙහෙයුම් සාර්ථක කරගත් බවත්, මේ හේතුවෙන් විපක්ෂය දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම් හරහා අපරාධකරුවන් උත්සාහ කර ඇත්තේ තමන්ට එරෙහිව ඇති සාක්ෂි විනාශ කිරීමට වුවද, දක්ෂ විමර්ශන කණ්ඩායම් හරහා එම අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බව ද අමාත්‍ය අරුණ ජයසේකර මහතා අවධාරණය කළේය.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
19-08-26
19-08-26
17-08-26
17-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
28-07-26
28-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
17-07-26
17-07-26
12-07-26
12-07-26