hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 14, ප.ව. 6:25



මේ වනවිට රටතුළ පවතින වාතාවරණය සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

වර්තමානයේ රට තුළ උද්ගතවී ඇති සමාජ පීඩනය පිළිබඳව ජනාධිපතිවරයා මනා අවබෝධයකින් පසුවෙනු ඇති බවට විශ්වාස කරන බව එහි දැක්වෙනවා.

ඒ හේතුවෙන් ජනතාහිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළයුතු බවද මහානායක හිමිවරුන්ගේ ලිපියේ දැක්වෙයි.

තවද මෙම තීරණාත්මක අවස්ථාවේ රට ආර්ථික වශයෙන් යළි ස්ථාවර කිරීමට සියලු පාර්ශ්වයන් සිය යුතුකම් සහ වගකීම් මනාව වටහාගෙන කටයුතු කළයුතු බවද පෙන්වාදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉවතලා ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද නැවත අවධාරණය කරන බව අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් පෙන්වා දෙනවා.

පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවද එම ලිපියෙන් පෙන්වාදී තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින්,