hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 26, ප.ව. 1:23



“අස්වැසුම” සහන වැඩපිළිවෙල යටතේ තමන්ට ප්‍රතිලාභ නොලැබුණු බව පවසා ප්‍රදේශ කිහිපයක ජනතාව විරෝධතා දැක්වුවා.

ඒ එම සහන වැඩපිළිවෙලට අයත් නාම ලේඛනයේ තම නම නොමැතිනම් ඒ සඳහා අභියාචනා ගොනු කරන ලෙසට රජය දැනුම් දී තිබියදීයි.

මිල මුදල් ඇති පවුල්වලට ද මෙම සහන ලැබී ඇති නමුත් දුප්පත් ජනතාවට එය නිසි පරිදි ලැබී නොමැති බවයි විරෝධතා දක්වා සිටි පිරිස් ප්‍රකාශ කර සිටින්නේ.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අස්වැසුම ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවයි.

එසේම, ඇතැම් දේශපාලන උසිගැන්වීම්වලට හෝ වෙනත් භාහිර බලපෑම්වලට නතු නොවන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.