hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 09, පෙ.ව. 12:09



අස්වැසුම ලබාගැනීමට බැංකු ගිණුමක් විවෘත කරගැනීමට නොහැකිව තවමත් එක් ලක්ෂ හතලිස් දහස ඉක්මවූ පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අස්වැසුම යන්නේ බැංකු ගිණුමකට. හැම අස්වැසුම ලාභියෙක්ම බැංකු ගිණුමක් විවෘත කළ යුතුයි. අස්වැසුම තියන එක් ලක්ෂ හතලිස් දාහක් ඉන්නවා බැංකු ගිණුමක් විවෘත කරගන්න බැරිව. බැංකු ගිණුම විවෘත කරගන්න බැරි හේතුව තමයි හැඳුනුම්පතක් නොමැති වීම.

දැන් ඒ අයට අස්වැසුම ලැබෙන්නේ නෑ. ඒකත් බේරන්න ඕන. දෙසැම්බර් මාසේ කිසි කෙනෙක් එළියට වැටෙන්නේ නෑ. තවත් ලක්ෂ දෙකක් පමණ අභියාචනා ඉදිරිපත් කරලා තියනවා. නැවත අපි අභියචනා කමිටුවක් පත් කරලා තියනවා සුදුස්සන් තෝරා ගන්න.”

ජනාධිපති අනුර කුමාර දිසානායක සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් මේ බව සදහන් කරයි.