hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 29, ප.ව. 3:07



අටුලුගම 9 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය පවසනවා

දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට පෙරේදා (27) උදේ 10.00ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට නොපැමිණි අතර ඊයේ (28) දිනයේ නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණා.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ෆාතිමා අයිෂා දැරියට සිදු කළ අපරාධය සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුලට බලවත් සංවේගය පළකරන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා.

”අමානුෂික ලෙස ඝාතනය වූ ෆාතිමා ආයිෂා දැරියගේ පවුලට මාගේ බලවත් සංවේගය සහ ශෝකය පළ කරනවා. මෙම සාහසික අපරාධය කළ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් ලබාදීමටත්, නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් මම පොරොන්දු වෙනවා.”

“My heartfelt condolences & deepest sympathies to the family of little Fatima Ayesha who was senselessly killed. I pledge to expedite swift action & justice to her family for this vicious crime.”