2026 ජූනි 15, පෙ.ව. 12:11
මෙම වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ ඩෙංගු මරණ 23ක් වාර්තා වී ඇති බවත් එම මරණ අතර කුඩා ළමුන් සිව් දෙනෙකු සිටින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළාය.
එමෙන්ම ගත වූ මාස 6ක කාලය තුළ ඩෙංගු රෝගීන් 40,443 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 50%ක්ම බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති බවද ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළාය.
කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දිස්ත්‍රික්ක ලෙස හදුනා ගෙන ඇති බවද ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළාය.
දින දෙකකට වැඩි තද උණ, හිසරදය, වමනය හා ශරීරයේ වේදනාව යන රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවද වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළාය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ජුනි මස (15) වන දින සිට (21) වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර ඇත.
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:14
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:06
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:48
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:18
03-09-26
03-09-26
01-09-26
01-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26