hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 12, ප.ව. 1:01



රට තුළ පසුගියදා ඇති වූ නොසන්සුන්තාවයත් සමඟ ප්‍රදේශ රැසක නිවාස සහ දේපළ හානි වාර්තා වුණා.

එවන් පසුබිමක අරගලයට මුවා වී සිදු කරන කොල්ලකෑම් ද ප්‍රදේශ රැසකින්ම වාර්තා වෙනවා.

පසුගිය සඳුදා මීගමුව ප්‍රදේශයේද නොසන්සුන්තාවයක් ඇති වූ අතර ඒ අතරතුර එම ප්‍රදේශයේ පිහිටි ඇවෙන්රා ගාඩ්න් හෝටල් සංකීර්ණය ද ගිනි තබා විනාශ කිරීමට පිරිසක් කටයුතු කර තිබුණා.

හෝටලය ගිනි ගන්නා අතරතුරත් විවධ පිරිස් එහි තිබූ ඇතැම් භාණ්ඩ කොල්ලකෑමට පටන් ගෙන තිබුණා.

පසුදින දහවල් කාලයේද ඇවෙන්රා ගාඩ්න් හෝටලයේ තිබූ භාණ්ඩ රැසක් ප්‍රදේශවාසීන් විසින් කොල්ලකා තිබෙනවා.

May be an image of 5 people, motorcycle and outdoors
May be an image of 7 people, motorcycle, street and road
May be an image of 7 people, motorcycle and outdoors
May be an image of 8 people, people standing, motorcycle and outdoors
May be an image of 11 people, bicycle and outdoors
May be an image of 9 people, scooter and outdoors