hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 21, ප.ව. 1:54



ශ්‍රී ලාංකික ළදරුවන් එකොළොස් දහසකට අධික සංඛ්‍යාවක් යුරෝපයට විකුණා ඇතැයි ඉන්ටර්ෆෝල් පොලිසිය හෙළිකර ගෙන තිබෙනවා.

මේ බව අනාවරණය වූයේ ශ්‍රී ලාංකික ළදරුවන් විකිණීමේ ජාවාරමක් මෙහෙයවූ මැලේසියානු යුවළක් එරට ආගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදීයි.

මෙම ළදරුවන් ඩොලර් හැටදහසේ සිට අසූදහස දක්වා මුදලකට අලෙවි කර තිබෙනවා.

මැලේසියානු ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික ළදරුවන් යුරෝ තිස්දහසේ සිට පනස්දහස දක්වා මිලකට අලෙවි කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර ඉන්ටර්ෆෝල් ආයතනය තවදුරටත් පැවසුවේ ශ්‍රී ලාංකික ළදරුවන් හාරදහසක් නෙදර්ලන්තයට අලෙවිකර ඇති බවයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතද මේ තොරතුරු හෙළිකර තිබෙනවා.

මේ අතර මැලේසියා මේල් පුවත්පත මෙයට අදාළ තොරතුරු හෙළිකර තිබෙනවා.

ජාවාරමට සම්බන්ධ යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලාංකික ළදරුවන්ට මැලේසියානු ගමන් බලපත්‍රය ලබා ගැනීමට යෑමේදීයි.