hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 23, පෙ.ව. 3:19



අම්මයි බාප්පයි එකතුවී වයස අවුරුදු 05ක දරුවෙකු මහ මග දමා ගොස් සිටියදී කුට්ටිගල පොලීසිය විසින් එම දරුවා පොලිස්භාරයට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 5ක පිරිමි දරුවෙකු වන මෙම දරුවා ඔවුන් පදිංචිව සිටි ඇඹිලිපිටිය පොලිස් වසමේ සිට කුට්ටිගල පොලිස් වසමට ගොස් මහමග දමා ගොස් තිබෙනවා.

මව විසින් මෙම දරුවාට පහරදී තුවාල සිදු කර ඇති අතර ‍කුට්ටිගල පොලිසිය විසින් දරුවා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට  ප්‍රතිකාර සදහා ඇතුලත් කල බවත් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙතද ඉදිරිපත් කල බවද සදහන් වෙනවා.

දරුවාගේ මව වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති අතර එම විවාහයෙන් තවත් දරුවෙකු සිටින බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරනවා.

දරුවාගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇති අතර තමන්ගේ මව සහ බාප්පා විසින් ත්‍රි රෝද රතයකින් තමන් මහ මග ගෙනත් දමා ගිය බවද පොලීසියට සදහන් කර තිබෙනවා.

කුට්ටිගල බෝගල් ආර ප්‍රදේශයේදී මෙම දරුවා දුටු කාන්තාවක් විසින් මේ බව කුට්ටිගල පොලීසිය දැනුවත් කර තිබෙනවා.

දරුවා දමා යන විට තමා දමා යන අම්මා යන ත්‍රී වීල් රතය පිටිපස්සේ දිව ඇති බවත් සදහන් වෙනවා.

මොවුන් මීට පෙරද බෝගල්ආර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර දෙවැනි විවාහයෙන් පසු මෙම පිරිස් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස නිවසක පදිංචිව සිට තිබෙනවා.

එම නිවසේ දෙවැනි විවාහයේ පුද්ගලයාගේ මව සහ බාල සහෝදරයා ජීවත්වන බව පොලීසිය පවසනවා.

එම නිවැසියන් පවසන්නේ මොවුන් අතුරුදන්ව ඇති බවයි.

මෙම දරුවා තවමත් පෙරපාසල් යවා නොමැත.

මේ දරුවා සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දුන් කාන්තාවගේද ඥාති  සම්බන්ධයක් දරුවාගේ මවගේ පාර්ශවයෙන් තිබෙන බවද සදහන් වෙනවා.

දරුවාගේ නලලේ සහ පිට කොන්දේ තුවාල ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට මව අත්අඩංගුවට ‍ගැනීමට පොලීසිය පරික්ෂණ සිදු කරයි.

දෙවැනි විවාහයේ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහල ඉදිරිපිට ත්‍රී රෝද රතගාලේ ත්‍රී රෝද හයර් යන අයෙකු බව පොලීසිය හදුනාගෙන තිබෙනවා.

මේ වන විට කුට්ටිගල පොලීසිය විසින් දරුවගේ ආච්චි භාරයේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.

අධිකරණ වෛද්‍ය වරයාගේ නිර්දේශය අනුව මෙම දරුවා රෝහල් ගත කර තිබෙනවා.

මෙම දරුවා ප්‍රතිකාර වලින් අනතුරුව පරිවාසය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇඹිලිපිටිය – ප්‍රගීත් ජනක