2023 මාර්තු 13, පෙ.ව. 11:20
බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ මීනගයා දුම්රියෙහි වැසිකිළියේ තිබී හමු වූ බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දි සැකකාරිනියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් ඊට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකාරිනිය අපහසුතාවට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම, සිද්ධිය සම්බන්ධයෙන් සැලකිල්ලකින් තොරව විමර්ශනය කිරීම, ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම ඔහුට එල්ලවන චෝදනාවයි.
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15