hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 12, පෙ.ව. 4:03



දුම්රිය වැසිකිළියක් තුළ බිළිඳෙකු දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මව පොලීසියට පාපෝච්චාරණයක් සිදුකර තිබුණා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ, කවුරුන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂාකාරීව හදා ගනී යැයි සිතා එලෙස දමාගිය බවයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා තිබියදී පෙරේදා (10) රාත්‍රියේ මෙම බිළිඳාව සොයා ගැනුණා.

26 හැවිරිදි අවිවාහක යුවළක් වන බිළිඳාගේ දෙමව්පියන්ව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පෙරේදා (10) රාත්‍රී 7.00ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන තිබෙනවා.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචි වීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.

පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබෙනවා.