hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 8:09



පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය මාසය වන විට අඩු බර සහිතව දරුවන් ඉපදීමේ ප්‍රතිශතය සියයට පහළොවයි දශම හය දක්වා (15.6) ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය ජනවාරි මාසයට වඩා සැලකිය යුතු වැඩිවීමක් බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය ජනවාරි මාසය වන විට දරුවන්ගේ උපත් බර අඩුවීමේ ප්‍රතිශතය සියයට එකොළහයි දශම හතක් (11.7) ලෙස සටහන් වී තිබුණා.

මාතෘ මන්දපෝෂණය, ගර්භණී කාලය තුළ මව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම, ගර්භණී කාලයේ දුම්පානය කරනා ස්ථානවල ගැවසීම, ගැබිනි සමයේ අධික සිත් තැවුලෙන් සිටීම, පෙර ප්‍රසව රක්තපාතය වැනි කරුණු මෙලෙස අඩු බර සහිත දරුවන් බිහිකිරීමට හේතු වී ඇති බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

සාමාන්‍ය දරුවකු රැකබලා ගැනීමට වඩා මෙලෙස අඩුබරකින් උපදින බිලිඳුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔවුන්ට අඛණ්ඩව මව්කිරි ලබාදීම වැදගත් බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.