hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:32



වැඩිවන විදුලි බිලට විරෝධය දක්වමින් බදුල්ලේ වෙළද ව්‍යපාරිකයින් හා කර්මාන්තකරුවන් අද (06) දිනයේදී සියලු කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළ බව බදුල්ල වෙළද හා කර්මාන්තකරුවන්ගේ එකමුතුව පවසනවා.

ඊයේ (05) දින බදුල්ලේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මෙම ක්‍රියාමාර්ගය පිළිබදව පැහැදිලි කිරීමක් සිදුකළා.

බදුල්ල එක්සත් වෙළද සංගමය නියෝජනය කරමින් එහි සභාපති වසන්ත අබේකෝන් මහතා මෙලෙස අදහස් පළ කළා.

“දැන් මේ වැඩිවෙලා තියෙන විදුලි බිලත් එක්ක අපිට ව්‍යාපාර කරගෙන යන්න බැරි තරමට පත්වෙලා. දිනෙන් දිනම ව්‍යාපාරිකයාට මෙන්ම ජනයාට රජය බදු වැඩිකරනවා විතරයි. රටේ ආර්ථිකයට වඩාත් දායක වෙන ව්‍යාපාරිකයා පිළිබදව මේ රජය කිසිදු සහනයක් දෙන්න කටයුතු කරන්නේ නැහැ. මෙම වැඩිවන විදුලි බිලට අපි තරයේම විරෝධය පල කරනවා. මෙම විරෝධතාවය වෙනුවෙන් අපි හෙට දිනයේදී සියලු කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කරනවා. ඒ තුලින් අපේ විරෝධය රජයට පෙන්වන්නයි අපි මෙම කටයුත්ත සිදු කරන්නේ.” යැයි ඒ මහතා සඳහන් කළා.  

බදුල්ල – ජයලත් දිසානායක