hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 30, ප.ව. 12:13



ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන ‘ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ’ මීළඟ වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සාර්ථකව පවත්වා ඇති අතර ඉන් ප්‍රතිලාභ ලබන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිත සහ රැකියා නියුක්තික පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

අමාත්‍යාංශ සහ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විෂය පථයට අදාළව සැකසුණු විගමනික ශ්‍රමික හරසර, ගරුසරු, ස්මාට් යූත් ක්ලබ්, ශ්‍රම වාසනා අරමුදල මගින් මහජන සුභසාධනය උදෙසා සිදුකරනා ප්‍රදානය ලබාදීම මෙම වැඩ සහටහනෙදී සිදු කෙරෙයි.

පාසල් සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබාදීම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට හිමිවෙයි.

ඊට අමතරව රැකියා වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම්, අඩු ආදායම්ලාභී පවුල් සහ විගමනික ශ්‍රමික පවුල් ව්‍යවසාය කටයුතු සඳහා යොමු කිරීමද ජයගමු ශ්‍රී ලංකා තුළින් සිදු වෙයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ල මෙම වැඩසටහන යටතේ මහජනයා වෙත පැමිනෙන අතර එමගින් කොළඹ කාර්‍යාල වෙත ගොස් කරගත යුතුව තිබූ කාර්‍යන් සුළු වේලාව තුළ තම තමන්ගේ ගම් බිම් තුළම සිට කර ගැනීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.