hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 31, පෙ.ව. 1:28



මෑත කාලීනව පාර්ශව කිහිපයක්ම බුදුන් වහන්සේට මෙන්ම අනෙකුත් ආගම් වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් ආගමික සංහිඳියාවට හානිකර ලෙස කටයුතු කරනු දක්නට ලැබුණා.

ඉන් ජෙරම් ප්‍රරනාන්දු නමැති දේවගැතිවරයා තවමත් ශ්‍රී ලංකාවට නොපැමිණ විදේශයක රැඳී සිටින අතර නතාශා එදිරිසූරිය නැමැති කාන්තාව සහ රාජාංගනයේ සද්ධාරතන නැමැති හිමිනම මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

මෙම නිගරු කිරීම් වලට එරෙහිව නීතිය හමුවට ගිය පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙවැනි පාර්ශව පිටුපස සිටින බලවේග පිළිබඳ අනාවරණයක් කළා.

“ඉතින් මේ මෝඩ අභිමානය කියන ප්‍රසංගය තියෙනකොට බලන්න. මේ ඉන්නේ මේ සංවිධානාත්මක කල්ලිය. මේගොල්ලෝ බුදු දහමට පහර ගහනවා විතරක් නෙවෙයි, ලංකාවේ අභිමානය නැති කරනවා. බලන්න මේ කාන්තාව කියන එක. “ලෝකෙන් හොඳම මේක ලොකුම මේක. මේක දාලා යන එවුන් කිසි කෙලෙහි ගුණයක් නැති එවුන් කියලා බනිනවා.

ඊළඟට තව එක්කෙනෙක් මොකද කරන්නේ? ඊට ඉස්සෙල්ලා ඕගොල්ලෝ දකින්න ඇති. කරුණා බෝම්බ ගහද්දි නම් ඒක එච්චර ප් රශ්නයක් නෑ. දළදා වහන්සේ……………. නමුත් දැන් මෙතන ඕන වෙලා තියෙන්නේ ලොකු අපහාසයක්. දැන් ඒ හාමුදුරුවොන්ට අනුව දළදා වහන්සේ කියන්නේ……….

මෙයාගේ නම චාමර ගුරුගේ. එතකොට නතාෂා, බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ චරිතයට අගෞරව කරනවා. බෞද්ධ බාලිකා පාසල් වලට අගෞරව කරගෙන යනවා. ටානියා, දේශාභිමානයට පහර දීගෙන යනවා. ඊළඟට චාමර ගුරුගේ, දන්ත ධාතූන් වහන්සේට අපහාස කරගෙන යනවා. ඊළඟට මංජු නිශ්ශංක කියනවා, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කරන්න ඕනේ දේශීයව තියෙන බැංකු වල තියෙන සල්ලි ඇරගෙන විදේශීය බැංකුවල තැන්පත් කරන්න කියලා.

ආර්ථිකය අස්ථාවර කරනවා, එක පැත්තකින් දේශපාලන අර්බුදයක් ගොඩනඟනවා. අනිත් පැත්තෙන් ආගමික සහජීවනය නැති කරනවා. ඊට පස්සේ මේගොල්ලන්ට පුළුවන් මේගොල්ලන්ට ඕන අර ව්‍යාපෘතිය දියත් කරන්න. ඊළඟට අරගලයේ මහත්තුරුත් ඊයේ මං දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියනවා අපිට නං හිත රිදුන් නෑ කියලා. ඉතින් එතන හිටපු අය අරගලයෙන් පිහිට පතපු අය. මේගොල්ලෝ අරගලය විනාශ කරන්න ආපු කණ්ඩායමක්. බුදු දහමට තියෙන ප්‍රමුඛස්ථානය අයින් කරන්න ඕනි කියලා නුවන් බෝපගේ කතා කරා. ඔය විදර්ශන කන්නන්ගරලා වෙසක් පෝය දවසේ කළු වෙසක් කූඩු එල්ලන්න ඕනි කියලා ඒ වගේ මතේ හිටපු අය. අපි තමයි මැදිහත් වෙලා ඒවා අයින් කරේ. ඒ නිසා අපි කියන්නේ ඒගොල්ලන්ට ඕන සහජීවනයක් මෙතන නෑ. ඒගොල්ලන්ට ඕන අර නිරාගමික රාජ්‍ය බිහි කරන්න.

අරගලේ සම්මුති බින්දා තමයි. ඉස්සරහටත් බිඳෙනවා තමයි. මොකද නිරාගමික විදිහට, රටේ සංස්කෘතිය විනාශ වෙන විදියට, අරගලයේ සම්මුති වලට අපි බැඳුනේ නැහැ. අභන්තරයේ ලහිරු වීරසේකරලා, භික්ෂූන් වහන්සේලා, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජේ. වී. පී. එකේ හිටපු භික්ෂූන් වහන්සේලා කිව්වා, බුදුදහමට තියෙන ප්‍රමුඛස්ථානය අයින් කරන්න ඕනේ. විශේෂයෙන් නුවන් බෝපගේ. ඉතින් එතකොට සම්මුති බිඳෙනවා තමයි. ඔය අර කියලා දැන් කතා කරන පිරිස් ඉන්නවා නේද? ඒගොල්ලන්ගේ හිස්ට්‍රි එක හොඳට බලපුවාම පේනවා මේගොල්ලෝ නියෝජනය කරන්නේ රට අස්ථාවර කරන, නිරාගමික රැඩිකල් කියන මානසිකත්වය.”