hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 02, පෙ.ව. 5:19



මාර්ගය දෙපස ව්‍යාපාර කටයුතු සිදුකිරීමට රජය මගින් අවසර ලබාදීමෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දැඩි බලපෑමක් එල්ලවන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා,

“ඇත්තමට පදික වේදිකාවේ එළවළු විකුණනවා කියන එක මේ වෙලාවේ සුදුසු කටයුත්තක් නෙමෙයි. මම ඇමතිතුමා එකක් සාකච්ඡා කළා. එතුමා කිව්වා අවුරුදු කාලය වෙනතුරු විතරයි මේක කරන්නේ කියලා. නමුත් ආර්ථික මධ්‍යස්ථානවල අද ව්‍යාපාරිකයෝ බොහොම අමාරුවෙන් යන්නේ. හැම ආර්ථික මධ්‍යස්ථානයක වගේම මැනිං වෙළෙඳපොළෙත්. අනවශ්‍ය තීරණයක් ගත්තේ මේ වෙලාවේ… එළවළුයි, අනෙක් නිෂ්පාදනයි විකුණන්න තීරණය කිරීම.”

උත්සව සමයේදී ස්වයං රැකියාවක් ලෙස ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට තාවකාලික අවසරයක් ලබා දීමට තම අමාත්‍යංශය කටයුතු කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.