hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 28, ප.ව. 5:32



අරණායක-බතලේගල කදු මුදුන එළිපෙහෙලි කර දාගැබක් ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් ඇතිව තිබෙනවා.

පරිසරවේදීන් ඇතුළු විවිධ පුද්ගලයින් මීට අදාළව සමාජ මාධ්‍යයේ ඡායාරූප සහ ප්‍රකාශ සටහන් කර ඇති අයුරු දැකගත හැකියි.

මව්පිය වෙහෙර වහන්සේ නමින් අදාළ දාගැබ නම් කර ඇති අතර ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් ඇතුළු සංවිධාන කිහිපයක් ඒ සඳහා ශ්‍රමදාන ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, බතලේගල කදු මුදුනෙහි ඉදිකිරීමට නියමිත මෙම දාගැබ සම්බන්ධයෙන් පරිසර සංවිධාන ඇතුළු සිවිල් පුද්ගලයින් ඊට ප්‍රදේශයේ තරුණ සංවිධාන වෙත චෝදනා එල්ල කරනවා.

බතලේගල බෞද්ධාලෝක විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මීගම්පල සුමනරතන හිමි මෙසේ අදහස් දක්වා සිටියා.

“බතලේගල විහාරස්ථානයේ ඉදිකෙරෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳව අපි සඳහන් කරන්නේ, මං හිතන්නේ ඒක ආරම්භ කරන්නට අපි කල්පනා කලේ, අනූ ගණන් වල තමයි මේ සඳහා මූලිකත්වය ගෙන අපි ක් රියාකරන්න යෙදුනේ. ඉතින් අනූහතේ වගේ තමයි බතලේගල මුදුනේ, චෛත්‍ය ඉදිකරන්නට, ඒ වගේම සංඝාවාස කාමර දෙකක් හදලා ඉදිකරලා, ඒක විවෘත කරලා, මන් හිතන්නේ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහත්තයා තමයි ඇවිල්ලා, එතකොට රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා තමයි ඒකට මේ විවෘත කරේ. ඒ වගේම අතාවුද සෙනෙවිරත්න, ඒ වගේම ධර්මසිරි සේනානායක, අපේ රත්නසිරි වික්‍රමනායක වගේ අගමැතිතුමා, ඒ වගේ අය ඇවිල්ලා තමයි මේ ස්ථානයේ මුල් ගල් තියන්නට යෙදුණේ.

ඒ අවස්ථාවේ වෙහෙර වහන්සේ ඉදිකිරීම සඳහා. ඒ දැන් අපි අද ඉදි කරලා තියෙන ඒ තැන තමයි දැනටත් චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. එතන තමයි මුල්ගල තිබ්බේ රත්නසිරි වික්‍රමනායක, ලලිත් දිසානායක, ඒ වගේම ධර්මසිරි සේනානායක කියන මේ මැති ඇමතිවරු ගිහිල්ලා එතන තමයි මුල්ගල් තිබ්බේ. අපේ ඊළඟ ඡායාරූප ආදී දේවල් තියෙනවා. එතකොට ඒ ස්ථානය ගැන සඳහන් කරනකොට, ඒ ස්ථානය අක්කර දෙකක ප් රමාණයක් බතලේගල මුදුනෙහි අපිට ඔප්පුවක් තියෙනවා ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාරතුමා තමයි ඔප්පුව මෛත්‍රී බෝධි සමිතියට ලබලා දීල තියෙන්නෙ. ඒක රජයේ ආයතන වලටත් දීලා තියෙනවා. ඒ වගේම අපි බුද්ධ ශාසන අමාත්‍යංශයට දීලා තියෙනවා. ඔප්පුවක් දීලා තියෙනවා. පූජා භූමියක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ වගේම අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබලා දීලා තියෙනවා අපේ ඔප්පුව. කොටසක් තමයි අපිට ක්කර දෙකක භූමි ප්‍රමාණයක් මෛත්‍රී බෝධිරාජ සමිතියට ලබලා දීලා තියෙන්නේ.

1956 විතර තමයි ඒ ඔප්පුව ලියලා තියෙන්නේ. ගොඩක් වෙලාවට එදා ඉඳලා ඉතින් ඔප්පුව අපි සුරක්ෂිතව තියාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මෑත කාලයේ ඇතිවුණ දෙයක් තමයි ඔය අපි ඒ ස්ථානයට යන්නේ එන්නට ඒ වගේම සුද්ධ පවිත් ර කරන්න පාරවල් හදලා මේවා වැඩි දියුණු උනාට පස්සේ තමයි මේ පිටත අය ඇවිල්ලා මේ සමහර වෙලාවට කෑම්ප් දාගෙන ඉන්නවා. ඒ වගේ කටයුතු නිසා තමයි සමහරවිට වැඩි පිරිසක් එන්න පටන් ගත්තේ. මෙච්චර ඒ තාක්කල් අපි එහේ ගිහිල්ලා රැඳිලා ඉන්න තාක් කාලයක් ඒ තරම් පිරිසක් ආවේ නෑ. වැහිලා වාගේ තිබුණා ස්ථානයක්. ඉතින් අපි ඒක ආරම්භ කරලා ඒ නිතරම යන්න එන්න පාරවල් හැදුවා. එතනට යන ගමන් පාර සකස් කරලා තියෙන්නේ. පල්ලෙහා අපි ප්‍රධාන මාර්ගය ළඟ ඉඳලා එතෙන්ට යනකම් පාර හදලා තියෙන්නේ අපි. අද එතනට යනකම් ම හැම කෙනාට ම යන්න පුළුවන්.

එළිපෙහෙළි කරන්න දෙයක් නෑ. පිහිටි ගල උඩ තමයි චෛත්‍ය හදන්නේ. එළියට ආපු ගලක් උඩ තමයි චෛත්‍ය හදන්නේ. එතකොට අපි එළිපෙහෙළි කිසිම දෙයක් කරන්නේ නෑ. එළිපෙහෙළි කරන අපේ සීමාව කොටසේ එළිපෙහෙළි කරනවා නම් කරන්නේ පොඩි ප්‍රමාණයක් අපි අර අරෙහෙ මෙහෙ එළවළු ටිකක් හදන්න, එළිපෙහෙළි කරනවා ඇරෙන්නට අපිත් ඒකට ආරක්ෂා කරනවා මිසක්, අපිත් ගස් කොළන් හදනවා මිසක්, අපි ඒ මේවා කරන්නේ නැහැ. 56 ඔය ඔප්පුව දෙන කාලෙම චොපර් එකෙන් ඇවිල්ලා, බතලේගල මුදුනේ, බෝධි අංකුරයක් රෝපණය කරා. කුරුප්පු මහත්තයා තමයි උඩට ඇවිල්ලා බෝධි රෝපණයක් කරලා ගිහිල්ලා තියෙන්නේ. දැන් බෝධීන් වහන්සේ නැහැ නොයෙක් සමහරවිට කට්ටිය ගිහිල්ලා ගිනි තියලා, අරවා මේවා කරලා ඒවා නමුත් අපි අනූ ගණන් වල, අනූ හතේ විතර අපි බෝධි රෝපණ බෝධීන් වහන්සේලා දෙනමක් අනුරාධපුරේ ඉඳලා වැඩමවන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, බෝධි අංකුර දෙකක්, එහෙන් අපි වැඩමවා ගෙන ඇවිල්ලා, උත්සවාකාරයෙන් ඒ ස්ථානයේ රෝපණය කළා දෙපොළක. ඉතින් අපි ගොඩක් බලාපොරොත්තු වුණේ, හැම කෙනාම මේ සඳහා අපිට සහයෝගය දෙයි කියන කාරණය තමයි අපි කල්පනා කළේ.”