2026 ජූනි 07, ප.ව. 4:06
මාරාන්තික උපවාසය අත්හරින ලෙස සිය සැමියාට පැවසුවද ඔහු එය පිළිගැනීමට සුදානම් නොමැති බවත් සිදුවන අසාධාරණය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේගේ බිරිඳ සඳහන් කළාය.
සුරේෂ් සලේව බැලීමට අද (07) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඇය සඳහන් කළේ,
“මගේ හස්බන්ඩ් ඉනසන්ට් කියලා ඔක්කොමලා දන්නවා. ඉතින් මෙහෙම කරන එක ඉතාමත්ම අසාධාරණයි කියන එක. මොකද එයාව ස්කේප් බෝඩ් කෙනෙක් කරගෙන මේ වෙලාවේ තියෙන එක හොඳටම පේනවා. JMO රිපෝට් එකෙත් කියලා තියෙනවා ඉතාම හරිම ඉන්හියුමන්ට් ට්‍රීට්මන්ට් කියලා. එයා දැන් මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ.
කොහොමත්ම නවත්තන්න කැමති නෑ. අපි ගොඩාක් කතා කරලා බැලුවා. පුළුවන් ද කියලා හිත වෙනස් කරන්න. මොකද අපි ඔක්කොම දන්නවා එයා ඉනසන්ට් කියන එක. ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන්. නමුත් මානුෂීය විදිහට සලකන්න ඕනනේ. මොකද ඉතාම අමානුෂික විදිහට තමයි සලකලා තියෙන්නේ.”
“හැමවෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මනුස්සයෙක්. ඉතින් මං හරි ආඩම්බර වෙනවා මගේ හස්බන්ඩ් ගැන. මෙහෙම උපරිම සේවයක් කරපු එක ගැන. නමුත් මං ඉල්ලා සිටින්නේ එයාට හාම් එකක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි හොස්පිටල් එකකටවත් ගෙනියන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් කියලා.
මොකද එයා ඉන්න මානසික තත්ත්වය අනුව එයාට කියන්න බෑනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලා. එතකොට වගකිවයුත්තෝ දැනගත යුතුයි හරි දේ කරන්න. එයාගේ ජීවිතය බේරාලා දෙන්න මම ඔක්කොමලගෙන් ඉල්ලන්නේ එච්චරයි.”
2026 ජූනි 07, ප.ව. 3:47
2026 ජූනි 07, පෙ.ව. 12:28
2026 ජූනි 07, පෙ.ව. 12:23
2026 ජූනි 07, පෙ.ව. 12:18
2026 ජූනි 07, පෙ.ව. 12:15
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
03-06-26
03-06-26