hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 27, ප.ව. 5:10



අරණායක-බතලේගල කදු මුදුන එළිපෙහෙලි කර දාගැබක් ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් ඇතිව තිබෙනවා.

පරිසරවේදීන් ඇතුළු විවිධ පුද්ගලයින් මීට අදාළව සමාජ මාධ්‍යයේ ඡායාරූප සහ ප්‍රකාශ සටහන් කර ඇති අයුරු දැකගත හැකියි.

මව්පිය වෙහෙර වහන්සේ නමින් අදාළ දාගැබ නම් කර ඇති අතර ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් ඇතුළු සංවිධාන කිහිපයක් ඒ සඳහා ශ්‍රමදාන ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, බතලේගල කදු මුදුනෙහි ඉදිකිරීමට නියමිත මෙම දාගැබ සම්බන්ධයෙන් පරිසර සංවිධාන ඇතුළු සිවිල් පුද්ගලයින් ඊට ප්‍රදේශයේ තරුණ සංවිධාන වෙත චෝදනා එල්ල කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පරිසර යුක්ති කේන්ද්‍රයේ කණ්ඩායමක් අදාළ ස්ථානයට යොමුකළ බව එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළා.

ඉදිකිරීමට නියමිත මෙම දාගැබ පිළිබඳව අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ බතලේගල කදු මුදුනෙහි විහාර භූමියක් සදහා ඔප්පුවක් මගින් ඉඩකඩ වෙන් කර ඇති බවයි.

මීට පෙර සිට එහි විහාර භූමියක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා. එමෙන්ම, එම භූමියෙහි දාගැබක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීමක්ද මීට පෙර සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.