hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 07, පෙ.ව. 6:17



උත්සව සමයේදී මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කොට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මහනුවර මූලස්ථාන පොලිසිය කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනයා නිරන්තරයෙන් මහනුවර නගරයේ ගැවසෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්රියාක්මක කරන බව මහනුවර පොලිසිය කියයි.

ඒ අනුව මුදල්, රන්භාණ්ඩ ආදිය කොල්ලකෑම් වැළැක්විම සඳහා විශේෂ මුර සංචාර, අමතර පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරී සඳහා යෙදවීම සිදු කරන බවත් මහජන පීඩා වැළැක්විම සඳහා මහනුවර පොලිසිය මැදිහත් වන බවත් උත්සව සමය ආසන්නයේදි මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

මහජන පීඩා වැළැක්වීම සඳහා යාචකයන් නගරයෙන් පිට ස්ථානයක රැදවීමට ද සැලසුම් කොට ඇතැයිද පොලිසිය සඳහන් කළ අතර ත්‍රිරෝද රථ හා සංචාරක හෝටල් තුළදී මහජනයාට සිදුවන පීඩා වැළැක්වීමටද මේ යටතේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මහනුවර – කමල් සුරවීර