2023 ජූනි 26, ප.ව. 5:20
ගාලු මුවදොර පිටියේ සිටින යාචකයින් රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ගාලු මුවදොර පිටිය තුළ සිටින යාචකයින් පිරිස ඉහළ ගොස් ඇති අතර යාචකයින් 150 දෙනෙකු පමණ සිගමන් යැදීම ජනතාවට දැඩි හිරිහැරයක් බවට පත්ව ඇති බවයි.
ඒ අනුව ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීම සඳහා වරාය අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
මෙම යාචකයින්ට අවශ්‍ය නවාතැන් පහසුකම් මෙන්ම ආහාරපාන සැපයීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඊට අනුබද්ධ ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙස විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17