hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 8:47



විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජලය පිරිපහදු කිරීම සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන බැවින් එම පිරිවැය ජල ගාස්තුව මගින් පියවා ගැනීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සාකච්ඡා කරමින් තිබෙන බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග පවසනවා.

විදුලි බිල වැඩිවීමත් සමඟ අතිරේක පිරිවැයක් පානීය ජල නිෂ්පාදනයට වැයවන නිසා එය මණ්ඩලයට තවදුරටත් දැරිය නොහැකි බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට තීරණය ගැනීමට නියමිතයි.