hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:59



අද පාර්ලිමේන්තු කටයුතු අතරවාරයේදී සභා නායක බිමල් රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ නැවතත් උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

විපක්ෂ මන්ත්‍රීවරුන්ට ‘ලපයි සිපයි’ යනුවෙන් හැඳින්වීම හේතුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා ලෙස බල කරමින් විශාල ඝෝෂාවක් නගන ලදී.

මේ වනවිටත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු සිදුකිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.