hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 14, පෙ.ව. 6:13



දරුවෙක්ගේ උප්පැන්නය ලියාපදිංචි කිරීමේදී මව්පියෝ විවාහක ද කියන කාරණය ඉතාම ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මවකට සමාජය තනිව ජීවත්වීමේ හැකියාව තිබිය යුතු මෙන්ම එය කිසිම අපහසයකට කාරණයක් නොවන බවත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා.  

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේදී ඊයේ (13) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසුවා.

දරුවෙක් හදාගැනීමට අමාරුව තත්වයක් තියෙනවා නම් ඒ දරුවා හදාගැනීමට සූදානම් බව කී අමාත්‍යවරිය අහලා පහළ දරුවෙක්ට කිසියම් විපතක් වෙන්න යනවා යැයි ඉගියක් තිබේ නම් හෝ ඔවුන්ට දරුවා හදාගැනීමට අමාරු නම් 1929 දුරකථනයට ඇමතුමක් දියයුතු බව ද සඳහන් කළා.

සෑම කාන්තාවක් මෙම දුරකථන අංකය ළග තබාගත යුතු බවත් ගබ්සා කරන එක හොඳ දෙයක් යැයි පෞද්ගලිකව විශ්වාස නොකරන බවත් ඇය කියා සිටියා.

මාතෘත්වය ඉතාම විශාල ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන බවත් අලුත උපන් බිළිදියව වැසිකිලියක දමා යෑම, සුරතල් දරුවා ඉස්සන් කොටුවකට තල්ලු කර මරා දැමීමට උත්සහ කිරීම සහ පිට රට සිටින බිරිඳට මුදල් එවනනැයි කියලා බලපෑම් කරමින් දරුවට පහර දීම වැනි සිද්ධීන් පසුගිය දින කීපයේදී ඇසීමට ලැබුණු බවත් අමාත්‍යවරිය සඳහන් කළා.