hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 5:54



සිය නිෂ්පාදන සඳහා භාවිතා කරන තිරිඟු පිටි විශේෂයක මිල ඉහළ යාම හේතුවෙන් බිස්කට්වල මිල ඉහල දැමූ බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ පිළිබඳ පැහැදිලි කිරීම සදහා එම සංගමයේ නියෝජිතයින් කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බව එම සංගමය පවසයි.

එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකදීයි.

“පාරිභෝගිකයෝ කෑවේ නැත්නම් ඉතින් අපිට වහන්න වෙනවා. අනිවාර්යයෙන් ම. කතා දෙකක් නැහැ. ඉස්සෙල්ලා ම අපේ රස්සාවලුත් නැතුව යයි. ඉතින් වහන්න වෙනවා. කතා දෙකක් නැහැ. හැබැයි අපි දන්නවා, අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව විශේෂයෙන් ම මේ හරහා ම කියැවෙනවා, දැන් ළමයි, බාල, මහළු සෑම සියලු දෙනාගේ ම බිස්කට් කියන්නේ ඉතා ජනප්‍රිය කෑමක්. ඔබයි මමයි දන්න කරුණක් නේ. ඔබගේ බිරිඳට හෝ මගේ බිරිඳට අද ලැවරියා එකක්, වැලි තලප කෑල්ලක් හදාගන්න වෙලාවක් නැහැ. හැලපයක් හදාගන්න වෙලාවක් නැහැ. ඒකෙත් කොස්ට් එක වැඩියි.”

https://youtu.be/b-z8A9I1v38