hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 25, පෙ.ව. 5:24



පවතින ඉන්ධන හිගය හේතුවෙන් යාපනය දූපත් අතර ගමනාගමනය කෙරෙන පොදු මගී ප්‍රවාහන බෝට්ටු සේවාව සති දෙකකට අධික කාලයක් නැවතීම හේතුවෙන් ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

යාපනය සිට කරෙයිනගර් දක්වාද යාපනය සිට කයිට්ස් දක්වාද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන මගී බෝට්ටු සේවාව මේ වන විට සති දෙකකට අධික කාලයක් නැවතී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඊට හේතුව වශයෙන් මගීන්ට දැනුම් දී ඇත්තේ භූමිතෙල් නොමැති වීම හේතුවෙන් බෝට්ටු සේවාව තාවකාලිකව නවතා ඇති බවයි.

එම පොදු මගී සේවාව නැවතීම හේතුවෙන් සාමාන්‍ය මගීන් ඇතුලු රාජ්‍ය සේවකයින් අධික මිල ගණන් වලට පෞද්ගලික බෝට්ටු මගින් යාමට සිදුව ඇති බවටත් එමගින් ජීවිත අවධානම මෙන්ම ගමනාගමනයේදීද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවට මගී ජනතාව පෙන්වා දෙනවා.

මේ හේතුව නිසා යාපනය මහනගරාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු කොට අදාල බෝට්ටු සේවාවට අවශ්‍ය කෙරෙන ඉන්ධන ලබා ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේද සහය ඇතිව පියවර ගන්නා ලෙසට යාපනයේ දූපත්වාසීන් මෙන්ම රාජ්‍ය සේවකයින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.