hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 04, ප.ව. 12:50



විදුලිබල මණ්ඩලය පාඩු  ලබමින් තිබියදී 2021 වර්ෂයේදී කෙටුම්පත් සාමූහික ගිවිසුම් මත පදනම්ව මණ්ඩලයේ සේවකයින්ට රුපියල් බිලියන 2.7ක් ප්‍රසාද දීමනාවක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම  විදුලිබල මණ්ඩලය විසින් 2021 වර්ෂයේ දී සේවක වැටුප සියයට 25කින් වැඩි කරගෙන තිබු අතර මේ නිසා මණ්ඩලයට සිදු වු අහිතකර බලපෑම රුපියල් බිලියන 9.6ක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

තවද චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත පමණක් වරින් වර විවිධ කාර්යමණ්ඩල දිමනා විදුලි බලමණ්ඩලයේ සේවකයින්ට ගෙවා තිබුණා.

ඒ අනුව 2021 වර්ෂයේදී ගෙවා ඇති විවිධ කාර්යමණ්ඩල දිමනාව රුපියල් මිලියන 2,134.9ක්.

2020 වර්ෂයේ දි  දිමනා සදහා රුපියල් මිලියන 1544.4ක් ගෙවා තිබුණා.

අධ්‍යක්ෂක මණ්ඩලයේ හා අමාත්‍ය මණ්ඩලයේ තිරණ වලට පටහැනව සේවකයින් 323 දෙනෙකු සදහා ගෙවා ඇති දීමනාව ඔවුන්ගේ වැටුපෙන් සියයට 65ක් ඉක්මවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.