hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 21, පෙ.ව. 11:35



දකුණු පළාතේ පළාත් පාලන ආයතන කිහිපයක් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන බෙදා දීමට ගෙනෙන ලද රුපියල් කෝටි ගණනක් වටිනා අභ්‍යාස පොත් මේ වනවිට ගබඩාවල දිරාපත්වෙමින් පවතින බව වාර්තා වෙනවා.

මෙම පොත්වල පිටකවරයේ පළාත් පාලන ආයනවල සභාපතිවරුන්ගේ පින්තූරය, පණිවුඩ සහ නම මුද්‍රණය කර ඇති නිසා මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි විමර්ශන ඒකකය සහ ජාතික විගණන කාර්යාලය මගින් ඒවා බෙදා දීම නතර කොට විගණන පරීක්ෂණයක් ද ආරම්භ කර තිබූ අතර එම පරීක්ෂණ ද මේ වන විට අවසන්ව ඇත.

මෙම සියලු ම පොත් සභා අරමුදලින් මිල දී ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාගෙන් විමසූවිට කියා සිටියේ, ගාල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක පොත් කොටසක් ද මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සහ දෙවිනුවර ප්‍රාදේශීය සභා දෙකේ ගබඩාවල පොත් විශාල ප්‍රමාණයක් ද ගොඩගසා තිබෙන බවයි.

එම නිසා මැතිවරණයක් ද නොපැවැත්වෙන බැවින් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් ලබාගෙන එම පොත් බෙදා දීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසුවා.