hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 මාර්තු 24, පෙ.ව. 9:29



හාලිඇළ, බෝගෝඩ පීල්ලේ දිය කඳුරෙන් එගොඩ වීමට ගිය වයස අවුරුදු 10ක සහ 8ක දරුවන් දෙදෙනෙකු අද (මාර්තු 23) පස්වරුවේ දිය පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇතැයි හාලිඇළ පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදන් වී ඇත්තේ හාලිඇළ, බෝගෝඩ, කොකටියමළුව ප්‍රදේශයේ පදිංචි බොගෝඩ විද්‍යාලයේ ඉගෙනුම සහෝදරයා සහ සහෝදරියයි.

අද දින එම ප්‍රදේශයට අධික වැසි ඇද හැළී ඇති අතර එම අවස්ථාවේ අදාළ දරුවන් දෙදෙනා නිවසේ සිට පීල්ලට එගොඩ නිවසක සිටි තම මව සොයා ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

මෙම දරුවන් දෙදෙනාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර මව සමග නිවසේ රැදි සිට තිබෙනවා.

මොවුන් දෙදෙනා පීල්ලේ දිය කඳුරට බැස ඉන් එගොඩ වීමට ගිය අවස්ථාවේ එක වර ම පැමිණි දිය පහරකට හසුව ගසා ගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

ඔවුන් ගසා ගිය ස්ථානයට මීටර් 100ක් පමණ පහළින් දිය කදුර අයිනේ තිබි කුඩයක්, සෙරෙප්පු යුවළක් හා සරමක් හමු වී ඇතැයි සඳහන් වෙනවා.

අතුරුදන් වී ඇති එම දරුවන් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වන විටත් හාලිඇළ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ආරම්භ කර ඇති බව ත් එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා දිය කඳුරේ ජල පහර ඉහළ ගොස් ඇති බැවින් එම කටයුතුවලට බාධා පැමිණ ඇති බව ත් පොලිසිය උසස් නිලධාරියෙකු පැවසුවා.