hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2024 පෙබරවාරි 06, පෙ.ව. 12:03



අඩු බරට පාන් අලෙවි කරන ස්ථාන ඊයේ (05) සිට වැටලීම් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය වීරසිංහ මහතා පැවසුවා.

පැමිණිලි ‘1977’ට යොමු කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

පාන් අලෙවි කරන සෑම ස්ථානයකම 2024 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගත් තරාදියක් තිබිය යුතු බවත්, පාරිභෝගිකයන්ට තමා මිලදී ගන්නා පාන් ගෙඩියේ නියමිත බර ග්‍රෑම් 450 ක් තිබේද යන්න විමසීම් කිරිමේ හැකියාව තිබිය යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

බේකරි හිමියන්ගේ සංගමය විසින් වැටලීම් කිරීමේදී කඩිනම්ව එය සිදු නොකරන ලෙස ඉල්ලීම් කළත් පාන් වැනි දේ දෛනිකව නිෂ්පාදනය කරන නිසා එය නිවැරැදි කර ගැනීම සඳහා කාලයක් අවශ්‍ය නොවන බව පාරිභෝගික අධිකාරියේ මතය බව ද ඒ මහතා කියා සිටියා.

බොහෝ විට පාන් ගෙඩියක බර ග්‍රෑම් 350 ක් ලෙස පවත්වාගෙන ගොස් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල වන රුලියල් 150 ක් අයකරන බවට අධිකාරියට පැමිණිලි ලැබී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: