hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 07, ප.ව. 2:02



නාවලපිටිය ප්‍රදේශයට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය ඉගුරුඔය ප්‍රදේශයට පිවිසීමට කැන්දො ගඟ හරහා ඉදි කර තිබූ පාලම කැඩී යාම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 1000කට අධික පිරිසක් දැඩි පිඩාවට පත් වි ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මහවැලි ගඟට ජලය ගලා බසිනා කැන්දො ගඟේ ජල ධාරිතාව ඉහල යාම හේතුවෙන් ඉකුත් 01 වන දින මීට වසර 7කට පමණ ප්‍රථම මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත ඉදි කරන ලද පාලම කැඩී ගිය ජලයට ගසා ගෙන ගිය බවයි පිඩාවට පත් ජනතාව කියා සිටින්නේ.

ඉගුරුඔය ප්‍රදේශයට පිවිසීමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බවත්, උඩරට දුම්රිය මාර්ගයේද දුම්රියන් ධාවනය නොවන නිසා තම ගම්මානයට පිවිසීමට කිසිදු ප්‍රවාහන පහසුකම් නොමැති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

කැඩී ගිය පාලම තිබු ස්ථානයේ ලි කණු යොදා ගෙන තාවකාලිකව පාලමක් ඉගුරුඔය ප්‍රදේශවාසින් එක්ව ඉදි කර ඇතත් එම පාලම දැඩි අනාරක්ෂිත බවත්, ඒ අනුව සැඩ පහරට හසු වී කඩාගෙන ගිය පාලම වෙනුවට විධිමත් ආකාරයෙන් නව පාලමක් ඉදි කර දිමට කටයුතු කරන ලෙසයි නාවලපිටිය ඉගුරුඔය පිඩාවට පත් ජනතාව කියා සිටින්නේ.

පැවති අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත්, විසන්ධි වු විදුලිය යථා තත්ත්වයට පත් කිරිමට විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට අවශ්‍ය උපකරණ රැගෙන එම ගම්මානයට පිවිසිමට නොහැකි බවත්, ජිවන උපාය වශයෙන් තමන් තේ වගාව සිදු කලද තේ දළු ප්‍රවාහනයට ලොරි රථ නොපැමිණෙන නිසා තමන්ට ජිවන උපායද අහිමි වී ඇති බවයි පිඩාවට පත් ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

හැටන් – රංජිත් රාජපක්ෂ