hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 04, ප.ව. 10:01



පුඩලුඔය සිට ගම්පොල දක්වා යමින් තිබු පෞද්ගලික බස් රථයක්, අධික වර්ශාව සහිත දේශගුණය හේතුවෙන්, කොත්මලේ, මල්හෑව ප්‍රදේශයේදි මාර්ගයෙන් ලිස්සා ගොස් අඩි 80 ක පමණ ප්‍රපාතයට පෙරලීම හේතුවෙන් එක් අයක් මියගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාව වන විට බස් රථයේ 14 දෙනෙකු සිට ඇති අතර අනතුරින් බස්රථයේ රියදුරා හා කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

අද සවස 3.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඉන් තුවාල ලැබුවන් මේ වන විට කොත්මලේ හා ගම්පොල රෝහල්හී ප්‍රතිකාර ලබනවා.

තුවාලකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ, පුස්සල්ලාව, නවකඩදොර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වයි. එම්. ධම්මික හේමන්ත යාපා නැමැත්තා බවයි අප වාර්තකරු පැවසූවේ.

අනතුර හේතුවෙන් පැය 3 කට අධික කාලයක් වාහන ගමනාගමනයට බාධා ඇතිවූ අතර මේ වන විට මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කර වාහන ධාවනයට ඉඩ ලබාදී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් පුඩලුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.