hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 10, පෙ.ව. 10:34



නව බස් ගාස්තු සංශෝධනය පසුගියදා (05) සිදු කරනු ලැබුවත් ගාස්තු ලේඛනය තවමත් නොලැබීම හේතුවෙන් පැරණි ගාස්තුව තවමත් අය කරන බව පෞද්ගලික බස් හිමියෝ පවසනවා.

ඉන්ධන මිල අඩු කිරිමට සාපේක්ෂව සිදු කරන ලද මිල අඩු කිරීම මගීන් වෙත ලබා දීමට නම් බස් ගාස්තුව සඳහන් ලේඛනය මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බස් රථ සඳහා ලබා දිය යුතු බවටත් තවමත් එම ලේඛනය ලැබී නොමැති නිසා සංශෝධනය සිදු කිරීමට නොහැකි වී ඇති බවට ත් ඔවුහු චෝදනා කරනවා.

ජාතික ගමනාගමන කොමිසම අවම ගාස්තුව රුපියල් 34.00ක් ලෙස සංශෝධනය කරනු ලැබුව ද තවමත් බස් රථ බොහොමයක් අවම බස් ගාස්තුව ලෙස රුපියල් 40.00ක් අය කරන බව මගීන් පවසනවා.

බස් ගාස්තුව අඩු නොකිරීම පිළිබඳව ප්‍රශ්න කරන අවස්ථාවන්වලදී කොන්‍දොස්තරවරුන් තමන් සමග ගැටුම් ඇති කර ගන්නා බවත් මේ වංචනික ක්‍රියාවන් සඳහා බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ත් සම්බන්ධව බවට මගීහු චෝදනා කරනවා.

නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සියලු ම බස් හිමියන් හා ජනතාව දැනුවත් කිරීම සිදු කර ඇති බවත් එම ගාස්තු පිළිබඳ ලේඛනය මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති බවත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසුවා.