hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 14, ප.ව. 8:17



පාසල් සාමාන්‍ය පරිදි සතියේ දිනවල පැවත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බැවින් හෙට (අගෝ. 15) දිනයේදී දිවයින පුරා අවම වශයෙන් පෞද්ගලික බස් රථ 90%ක ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ 10,000ත් 12,000ත් අතර බස් රථ සංඛ්‍යාවක් ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර හක්මන, දෙණියාය, දික්වැල්ල, හම්බන්තොට, මිද්දෙනිය, සූරියවැව, තිස්සමහාරාමය සහ බෙලිඅත්ත යන ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක බස් ධාවනය කිරීම යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති බව විජේරත්න මහතා පැවසුවා.

ඔහු ප්‍රකාශ කර සිටියේ, කිලෝමීටර 40ක දුර ප්‍රමාණයක් ඉන්ධන ලබා ගැනීම සඳහා ඩිපෝ වෙත යාමට සිදු වන බැවින් මෙම ප්‍රදේශ සඳහා වෙනත් ඉන්ධන පිරවුම්හල් ලබා දෙන ලෙසයි.

“පාසල් බස් රථත් බස්නාහිර පළාත තුළ යොදවලා තියෙනවා. අනෙක් ප්‍රදේශවල පාසල් ආරම්භ කරන වෙලාවේදීත් අවසාන කරන වෙලාවේදීත් ඒ මාර්ගවල පාසල් සාමාන්‍ය ගාස්තු යටතේ පාසල් සේවාව ආරම්භ කරන්න කටයුතු කරනවා”