hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 13, පෙ.ව. 10:15



කොරියාවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවේ ප්‍රධාන ජාතික පාසලකට බස් රථයක් ලබා දීමට මිලියන 07ක මුදලක් එකතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ කොරියාවේ රැකියා කරන නෙළුව ජාතික පාසලේම ආදී ශිෂ්‍යයන් පිරිසක් මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර මේ වන විට බස් රථය ලබා ගැනීමට අවශ්‍ය මුදල් එකතු කර අවසන් බව සඳහන් වෙනවා.

මේ අතර එම බස් රථය පාසලට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව නඩත්තු කරගෙන යාමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ අරමුණින් සංස්කෘතික සැදෑවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව නෙළුව ජාතික පාසලේ ආදී ශිෂ්‍යයන්ට, ප්‍රදේශවාසීන්ට හා ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සංවිධායකයින් සඳහන් කර තිබෙනවා.

වැඩි විස්තර දැන ගැනීමට පහත අංකවලට ඇමතීමේ හැකියාව තිබෙනවා.