hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 08, පෙ.ව. 5:01



වායු දූෂණය වන බස් රථ හඳුනාගෙන එහි බලපත්‍රය සිය භාරයට ගෙන, වායු දුෂණයට අදාළ දෝෂ නිවැරදි කර පෙන්වීමට මාසයක කාලයක් දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ බස් රථ මගින් සිදුවන වායු දූෂණය වැළැක්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම උපදෙස් පිළිනොපදින්නේ නම් වාහන හිමිකරුවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අහඹු සමීක්ෂණයකදී ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් සියයට 50කින් වායු දූෂණය වන බව හෙලිදරව් වී ඇති අතර එම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙහිදී හඳුනාගන්නා වාහනවල ආදායම් බලපත්‍ර බාරයට ගෙන දෝෂ නිවැරදි කරගැනීමට දෙසතියක කාලයක් ලබා දෙන බවත් මාසයකට වැඩි කාලයක් දෝෂ නිවැරදි කර නොගන්නේ නම් පොලිසිය හරහා එම වාහන හිමිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර මෙම වැඩසටහන දීපව්‍යාප්තව සිදු කිරීමටත් සූදානම් බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.