hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 18, පෙ.ව. 11:39



සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා හැටන් ආශි්‍රත වතුකරය ඇතුළු ප්‍රදේශයන්ට පැමිණි ජනතාව නැවත කොළඹ බලා යෑමට ඊයේ (17) දින ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැතිවීමත් සමඟ ඔවුහු දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටියා.

මෙම ප්‍රදේශයන්ට පැමිණි විශාල පිරිසක් නැවත කොළඹ බලා ගමන් කිරීම සඳහා ඊයේ උදෑසන සිටම හැටන් ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ සිටියද බස් රථ ප්‍රමාණවත් ලෙස නොමැතිවීම හේතුවෙන් පැය ගණන් රැඳී සිටින ආකාරයක් දක්නට හැකි වුණා.

මෙම තත්ත්වය පිළිබඳව ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ දක්වා ගමන් කිරීම සඳහා බලාපොරොත්තු නොවූ විශාල පිරිසක් පැමිණීමත් සමඟ මෙම තත්ත්වය උදාවූ බවත් එහෙත් මේ මගීන්ට අවශ්‍ය ගමන් පහසුව සැලසීම සඳහා හැකි උපරිම ආකාරයෙන් බස් රථ යෙදවීමට පියවර ගන්නා බවත් එම බස් රථ පැමිණීමෙන් පසුව මෙම තත්ත්වයන් සමනය වනු ඇති බවයි.