2023 මැයි 05, පෙ.ව. 11:21
දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසුවේ වෙසක් සතිය තුළ උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි.
එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළා.
වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවා.
2026 අගෝස්තු 03, ප.ව. 2:44
2026 අගෝස්තු 03, ප.ව. 1:37
2026 අගෝස්තු 03, ප.ව. 1:26
2026 අගෝස්තු 03, පෙ.ව. 10:47
2026 අගෝස්තු 03, පෙ.ව. 9:31