hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 16, ප.ව. 6:44



ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු  අනතුරෙන් සිව්දෙනෙකු සුළු තුවාල ලබා අද (16) ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බවත්, ලංගම බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

අද (16) පස්වරු 2.00ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේදියි.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථය ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේදි මගින්ට බැසිම සදහා නතර කර තිබියදි ඊට පිටුපසින් කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු කඩවත ලංගම ඩිපොවට අයත් බස් රථය නතර කර තිබු ලංගම බස් රථය ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් හැටන් සිට කොළඹ දක්වා ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවත්, අනතුරෙන් බස් රථ තුනටම අලාභ හානි සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසුවා.