hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 මැයි 21, පෙ.ව. 6:09



ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති වූ කලබලකාරි සිද්ධියෙන් අනතුරුව රට පුරා ගිනි තබා විනාශ කරන ලද බස් රථවල වටිනාකම රුපියල් කෝටි 40ට අධික බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස් රථ 50ක් සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කර ඇති බවත් තවත් බස් රථ 25ට හානි සිදුව ඇති බවත් ඒ මහතා කියා සිටියා.

මේ සිද්ධියට සම්බන්ධ පිරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සියලු බස් සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව කියා සිටින ඒ මහතා නෛතික ක්‍රියාමාර්ගවලින් අනතුරුව ඊට එරෙහිව වන්දි ඉල්ලා සිවිල් අධිකරණයේ නඩු පවරන බව ද කියා සිටියා.

ග්‍රාම සේවා මට්ටමින් ද මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙන බව කියා සිටි ඒ මහතා සම්පූර්ණයෙන්ම හානියට පත් බස් හිමියන් අසීරුවට පත්ව ඇති බවත් සඳහන් කළා.

“ඕනෑම් අයෙක් බස් එකක් ඉල්ලුවාම බස් හිමියන් යනවා. ඒ අයට ඕන හයර් එක. බස් කර්මාන්තකරුවන් දැඩි අසීරුවකට පත්ව සිටියේ. ඒ අයට ෆිනෑන්ස් ගෙවා ගන්නවත් මුදල් නැහැ. ගිනි තියා බේරේ වැවට දාපු එක බස් හිමියෙක් අංශ භාග රෝගියෙක්. මෙහෙම විනාශ කරන්න හොඳ නැහැ. මේ විනාශය කළ සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද ඒ මහතා සඳහන් කළා.