hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 15, ප.ව. 3:25



බුත්තල දිසා රෝහලේ ඉඩම හෙළිපෙහෙළි කරමින් සිටි සේවකයෙකුට ඊයේ (14) අත්බෝම්බයක් හමු වී ඇතැයි බුත්තල පොලිසිය පවසනවා.

අදාළ සේවකයා රෝහල් ඉඩම සුද්ද කර වැට සකස් කරමින් සිටියදී නිල් පැහැති බෝතලයක තිබී මෙම අත්බෝම්බය හමු වී තිබෙනවා.

සිද්ධිය පිළිබඳව බුත්තල පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් විසින් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

බුත්තල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.