2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:26
රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කර ඇත.
ඒ අනුව BYD ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඇටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන සිටින BYD වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර ඇත.
එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් එකඟතාවය පල කළ අතර අනතුරුව එම වාහන මුදාහැරීමට අදාළ නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:22
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:13
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25