hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, පෙ.ව. 2:46



රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අද (13) තීරණය කළා.

ළමා මන්දපෝෂණය තුරන් කිරීම සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනතෙක් පාරිතෝෂික නොගෙවූ සේවකයන් 18,000කට අධික පිරිසකට කඩිනමින් පාරිතෝෂික මුදල් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 19 ක් වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම අමාත්‍ය මණ්ඩලයේ දී ගත් තීරණය අනුව පියවර තුනක් ලෙස වී මිලදී ගැනීම, මන්දපෝෂණය දුරු කිරිම සහ ගැබිණි මව්රුන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම, පාරිතෝෂික නොගෙවූ 18,000ක ට අධික සේවක පිරිසකට එම මුදල් ගෙවීම යන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන බවයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වුණා.