hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 මාර්තු 23, පෙ.ව. 12:11



ඉදිරි කාලය තුළ කඳවුරු බැඳීමට (Camping) සිටින සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව, කඳවුරු බැඳීම සඳහා අවසර ලබා දී ඇති ස්ථාන පමණක් තෝරාගන්න ලෙස පොලීසිය අවධාරණය කරනවා.

එමෙන්ම, මේ දිනවල දිවයින පුරා පවතින වර්ෂා හේතුවෙන් දිය ඇලි සහා දිය පහරවල් ඇති ස්ථානවල Camping නොකරන ලෙසටද උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම Camping කරන ස්ථනය අසල සතුන් ගැවසේනම් එම ස්ථානවල රැඳි නොසිටින ලෙසත්, රාත්‍රී කාලයේදී ගිනි මැල ගැසීමේදී අවට පරිසරය ගැන සැලකිලිමත් වන ලෙසත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: