hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 මැයි 14, පෙ.ව. 1:13



වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේදී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථානවලට පමණක් යොමු වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

එමෙන්ම සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහය ලබාගත යුතු බව ද එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණ යුවලකට එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් පසු මෙම තිරණය ගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දෙස් විදෙස් සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වා ගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවයි.

එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි අතර ඉන් සංචාරකයින්ට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බව ඔහු පවසනවා.