hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 22, පෙ.ව. 10:25



විශ්වවිද්‍යාලවලට තේරෙන සිසු සිසුවියන්ගෙන් පොරොන්දු සහතිකයක් ලබාගෙන ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

විශ්වවිද්‍යාල දේපළවලට හානි නොකරන බවට හා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කලහකාරී සිද්ධි ඇති කර නොගන්නා බවට සඳහන් පොරොන්දු සහතිකයකට එසේ අස්සන් ලබාගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට දැරිය යුතු කැපකිරීම හා එසේ දිනාගත් අයිතියේ වගකීම පිළිබඳව එම පොරොන්දු සහතිකය මගින් සිසු සිසුවියන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

මෙය සමාජ සම්මුතියක් බව ද එම සම්මුතිය බිඳදමන සිසු සිසුවියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන එක් සිසුවෙකු සිසුවියක වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 8ක් වැය කරන බව ද ඒ අනුව වසර 4ක අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටව යන සිසුන් වෙනුවෙන් වසර 4ට රුපියල් ලක්ෂ 32ක් වැනි විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බව ද ඔහු පැවසුවා.

සිසු සිසුවියන්ගෙන් මෙවැනි පොරොන්දු පත්‍රයක් ලබා ගැනීම මෙතෙක් සිදුව නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.