hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 03, පෙ.ව. 11:31



රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ පසුගියදා ඇතිවු ගැටුමට නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාගේ ප්‍රචණ්ඩ හැසිරීම හේතුවු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්රු වසන්ත මුදලිගේ මහතා පවසනවා.

ඊට අදාළ විඩියෝ දර්ශන කිහිපයක් ඔහු ඊයේ (02) මාධ්‍යයට නිකුත් කළා.

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් පසුගිය 26 වනදා රාත්‍රියේ නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාට පහරදීමක් සිදුකර තිබුණා.

මෙම පහරදීමෙන් පසු රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය වසා දැමුණු අතර එම ගැටුම්කාරී තත්ත්වය උප ශාලාධිපතිවරයාගේ ප්‍රචණ්ඩ හැසිරීම හේතුවෙන් නිර්මාණය වු බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළා.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙසේ අදහස් දක්වා සිටියා,

“උප ශාලාධිපතිවරයා නේවාසිකාගාරයේ කාමරයකට ඇවිල්ලා ශිෂ්‍යයන්ට බැණ වදිනවා. මේක ගැන ශිෂ්‍යයින් ප්‍රශ්න කළාට පස්සේ පෙබරවාරි 26 වනදා මාළු කපන මන්නයක් අරගෙන ඔහු විශ්වවිද්‍යාල පරිශ්‍රයට එනවා. මේ සිදුවීමත් එක්ක එදින රාත්‍රියේදී නේවාසිකාගාරය ඇතුළේ බහින්බස්වීමක් ඇති වෙනවා. එහිදී තමයි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ.”