hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 07, පෙ.ව. 12:03



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලිවීමෙන් පසු පදනම් විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් දරුවන්ට හඳුන්වා දීම පිළිබඳ සලකා බැලීමට තමා සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මෙහිදී, සුසිල් ප්‍රේමජයන්ත මහතා තවදුරටත් පෙන්වා දුන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ ද මේ පිළිබඳ සඳහන් වී ඇති අතර ඉදිරියේදී පැවැත්වෙන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

මේ අතර, පෞද්ගලික විශ්වවිද්‍යාල මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන අතර එම නිසා පාසල් දරුවෙකුට උසස් අධ්‍යාපනයට පිවිසීමට ඇති කාලය කළමනාකරණය කරගත හැකි බව ද මේ පිළිබඳ ප්‍රශ්නය මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: